සජින් ද වාස්ට ඇප ලැබෙන දිනය යළි දිගු වෙයි

9:35 PM
ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි රිමාන්ඩ් බාරයේ සිටින සජින් ද වාස් ගුණවර්ධනට ඇප  ලබා දීම ගැන තීරණය අගෝස්තු 10 වැනි දා ට කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු පත්මිණි එන් රණවක මහත්මිය අද නියෝග කළා.

මහේස්ත්‍රාත් උසාවියෙන් ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රතිශෝධනය කර ඔහු ඇප පිට මුදා හරින්නැයි මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ද ඉදිරිපත් කර ඇත.

ඔහුගේ නීතීඥයන් පැවසුවේ සැකකරුට ඇප ලබා දීමට ප්‍රමාණවත් සාධාරණ හේතු ඇති බවයි. ගුණවර්ධනට ඇප ලබා දීමට විරුද්ධ බව නීතිපති දැනුම් දුන්නේය.

Share this

Related Posts

Previous
Next Post »