ඉන්දියාව අසභ්‍ය වෙබ් අඩවි 857ක් අහුරයි

9:22 AM
ඉන්දියාව අසභ්‍ය වෙබ් අඩවි 857කට නිදහසේ ප්‍රවේශවීම ඊයේ (03) සිට වළක්වා තිබෙනවා. ළමයින් එම වෙබ් අඩවි වලට පිවිසීම වැළැක්වීම සඳහා එම පියවර ගත් බවයි ඉන්දීය රජය ප්‍රකාශ කළේ. කෙසේ නමුත්, වැඩිහිටියන්ට පෞද්ගලික ජාලයක් ඔස්සේ එම වෙබ් අඩවිවලට තවදුරටත් පිවිසිය හැකියි. 

විශේෂයෙන් බාල වයස්කාරයන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය වෙබ් අඩවි වැළැක්වීමට පියවර නොගැනීම පිළිබඳව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාසයේ සිය නොසතුට පළ කර තිබුණා. කෙසේ නමුත් විදුලි සංදේශ සමාගම් ප්‍රකාශ කළේ අදාළ වෙබ් අඩවි වහා තහනම් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවයි. 

කෙසේ නමුත් එවැනි අසභ්‍ය වෙබ් අඩවි 857කට නිදහසේ ප්‍රවේශවීම වළක්වන ලෙස ඉන්දීය විදුලි සංදේශ දෙපාර්තමේන්තුව අදාළ සමාගම්වලට දැන් උපදෙස් ලබාදී තිබෙනවා. අන්තර් ජාල සමීක්ෂණ වාර්තාවලට අනුව ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාව හැරුණු කොට අසභ්‍ය වෙබ් අඩවි වලට වැඩි වශයෙන්ම පිවිසෙන්නේ ඉන්දියානුවන්. 

Share this

Related Posts

Previous
Next Post »