විෂයානුබද්ධ වැඩ තහනම්

2:49 PM
අද මධ්‍යම රාත්‍රියේ සිට මෙවර 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව කිසිදු විෂයානුබද්ධ කටයුත්තක් කිරීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, විෂයානුබද්ධ දේශන පැවැත්වීම සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කිරීම හා බෙදාහැරීම, විභාග ප්‍රශ්නපත්‍ර ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සපුරා තහනම් බවයි.

මෙම නියෝග කඩකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණිලි කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගොස්තු මස 23 වනදා පැවැත්වීමට නියමිතය.
(adaderana)


Share this

Related Posts

Previous
Next Post »