සංගාගේ ඉනිම අවසන්

7:47 PM
අවසන් ජාත්‍යන්තර තරඟයට ක්‍රීඩාකළ කුමාර් සංගක්කාර සිය ක්‍රිකට් දිවියේ අවසන් ඉනිමද මීට ස්වල්ප මොහොතකට පෙර නිමවී තිබේ.

ඒ අනුව රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ මුරලි විජේ වෙත උඩපන්දුවක් ලබාදී සංගා දැවී ගියේය.

පන්දු 18කට මුහුණදී සිටි සංගක්කාර දැවීයන විට ලකුණු 18 ක් රැස්කරගෙන සිටියේය.

ඉන්දීය කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 413ක ඉලක්කයට පිළිතුරු ලෙස තම දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුළු 2ක් දැවී ලකුණු 72ක් රැස්කරගෙන සිටියි.

Share this

Related Posts

Previous
Next Post »