අභිරහස් ලෙස මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය ගොඩගෙන යළිත්
පරීක්ෂා කිරීම සඳහා ඉඩ ලබාදෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව හෙට අධිකරණයෙන්
ඉල්ලීමක් කරනු ඇති බව එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළා. මීට පෙර
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පැතූ අතර, ඒ
අනුවයි හෙට දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම සිදුකරනු ඇත්තේ.
වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්
ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර දේහය භූමදාන කළ දෙහිවල - රෝහල පාර ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියට පොලිස් ආරක්ෂාවට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආරක්ෂාවද ලබාදී ඇති බව දෙහිවල පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණයට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය 27 වන දා කැදවනු ලැබුවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ වසීම් තාජුඞීන්ගේ මරණය ඝාතනයක් බවට සැක කරන බවයි. උල් ආයුධයකින් ඔහුගේ ගෙළ ප්‍රදේශයට පහර දී තුවාල සිදුකර ඇති බවත්, එසේම මොට ආයුධයකින් ද ඔහුට පහර දී ඇති බවත් පරීක්ෂණවලදී හෙළිව ඇතැයි එහිදී අනාවරණ වුණා.
ඒ අනුව රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේ අවසන් වාර්තාව සැප්තැම්බර් 10 වනදාට යෙදෙන මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් පසුගිය 28 වනදා නොතීසි නිකුත් කළා. ඒ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරටයි. තාජුඞීන්ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේ අවසන් වාර්තාව මෙතෙක් අධිකරණයට ඉදිරිපත්වී නැහැ. එය මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා එදින නිකුත් කළ නොතීසිය පිටු 19 කින් යුක්තවීම විශේෂත්වයක්.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සැක කටයුතු අන්දමින් සිය මෝටර් රථය තුළ පිළිස්සී මිය ගොස් සිටියදී නාරාහේන්පිට - ශාලිකා ක්‍රීඩාංගණය අසළ මාර්ගයේදී සොයා ගත්තේ පසුගිය 2012 වසරේ මැයි මස 17 වන දිනයි.

(HiruNews)
EmoticonEmoticon