ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් වසර 12ට හිරේ!

7:22 PM
පඩුවස්නුවර ප්‍රාදේශීය සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී චන්දන ගරුසිංහ මහතාට වසර 12ක සිරදඬුවම් නියම වී තිබේ.

2008 වසරේ සිදුවු ස්ත්‍රී දූෂණයකට අදාළව මෙම සිරදඬුවම් නියම කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කුලියාපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් එච්.කුලතුංග මහතා විසින් අදාළ ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරයාට බරපතළ වැඩසහිත වසර 12ක සිරදඬුවම් නියම කර ඇති බව සඳහන්ය.

අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි.

20 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කුලියාපිටිය මහාධිකරණය හමුවේ 2008 වසරේ නඩු පවරා තිබුණි.

(www.adaderana.lk)

Share this

Related Posts

Previous
Next Post »