එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ අද දිවුරුම් දෙනවා.ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරු 10 ට පමණ වික‍්‍රමසිංහ මහතා එම ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වන 4 වන අවස්ථාව මෙයයි.
1949 මාර්තු මස 24 වනදා උපන් රනිල් වික‍්‍රමසිංහ මහතා පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේයි.
අනතුරුව ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගත්තා.
රනිල් වික‍්‍රමසිංහ මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1977 වසරේදීයි. ඒ ලාබාලතම මන්තී‍්‍රවරයෙකු ලෙසයි.
එමෙන්ම ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ ආණ්ඩුවේ ඔහු ලාබාලතම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසද වගකීම් දැරුවා.
1977 සිට 80 දක්වා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, ඉන් පසුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා 1989 සිට - 1993 දක්වා කර්මාන්ත, විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පෙර අවස්ථා 3 කදී අග‍්‍රමාත්‍ය ධුරයට පත්ව තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට පත් වන්නේ 1994 වසරේදීයි. වික‍්‍රමසිංහ මහතා ඉවසීමෙන් කි‍්‍රයාකරමින් දේශපාලන ජයග‍්‍රහණ අත්කර ගන්නා පරිණත දේශපාලනඥයෙකු ලෙස බොහෝ දෙනා හදුන් වනවා.
මෙවර මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කිරීමෙන් පසුවද රනිල් වික‍්‍රමසිංහ මහතා සියලු පක්‍ෂවලින් ඉල්ලා සිටියේ භේද අමතක කොට රට ගොඩනැගීමට එක්වන ලෙසයි.
එක්සත් ජාතික පක්‍ෂ නායකයා ලෙස මෙවර මහමැතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා මාස 60 කින් අලුත් රටක් හදන පංචවිධ කි‍්‍රයාවලියක් ඇතුළත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ඉදිරිපත් කර තිබුණා. ආර්ථිකය දියුණු කිරීම, දූෂණය මුලිනුපුටා දැමීම, නිදහස තහවුරු කිරීම, යටිතල පහසුකම් සදහා ආයෝජන සහ අධ්‍යාපනය ඉහළ නැංවීම එම පංචවිධ කි‍්‍රයාවලියයි.
දශක 4 ක පමණ දේශපාලන අත්දැකීම් සහිත රනිල් වික‍්‍රමසිංහ මහතා ජාත්‍යන්තරයේද පිළිගැනීමට ලක් වන මෙරට දේශපාලන නායකයෙකු වනවා.
EmoticonEmoticon