ප‍්‍රවේගයේ රඟපෑම ගැන උදාරි කියන කතාව

4:43 PM
ඉතින් අක්කේ කොහොම ද සැප සනීප?
හොදින්. හුඟක් හොදින්. ඒ වගේම හුගක් සතුටින්. කොච්චරක් ද ඒ සතුට කියලා කියා ගන්න බැරි තරම්. මොකද මගේ සිනමා ජීවිතේ මුල්ම අත්දැකීම, ප‍්‍රවේගයේ මුහුරත් උළෙල අද. ඒ අවස්ථාවට සුදානම් වෙන ගමන් තමයි මම ඉන්නේ.
ආ….ප‍්‍රවේගය. ලාංකීය සිනමාවට අලූත් වෙනසක් එකතු කරන, අලූත් සංකල්පයන් එකතු කරන සිනමා කෘතියක් කියලා ආරංචියි. ඉතින් අක්කේ කියන්නකො, මොකක් ද මේ අලූත් වෙනස කියලා?
නංගි කීවා වගේ ඒ වෙනස ගැන ඉතින් පැති කිහිපයකින් කතා කරන්න පුළුවන්. කතාවේ තේමාව, තාක්ෂණය වගේම වියදම් වුුණු මුදල විශේෂයි. ඒ වගේම ප‍්‍රවීණ නළු නිළියන් කිහිප දෙනකු අතර මම තමයි නවතමයා. එයත් මේ සිනමාව නරඹන පේ‍්‍රක්ෂකයන්ට අලූත් වෙනසක් වේවි. ඒ වෙනස හරි සරලවම ඔබ අත්විදීවි මේ සිනමා කෘතිය නරඹන විට. මොකද තත්පරයක් හෝ ඔයාගේ ඇහැ ඉවතට ගන්න ඔයාට අමතක වේලා යාවි. ඒ වෙනස අත්විදලාම බලන එක මම කියනවට වඩා හුඟක් රසවත් වේවි.

ඉතින් මේ නවතම වෙනසත් එක්ක එකතු වෙන්න අක්කට කොහොම ද අවස්ථාව ලැබෙන්නේ කියලා කීවොත්..?
මම ශ‍්‍රී ලංකා එයාර්ලයින් ආයතනයේ වැඩ කළා. එහි වෙළෙද දැන්වීමකටත් සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා. ප‍්‍රවේගයේ නිෂ්පාදන කණ්ඩායම මේ වෙළෙද දැන්වීම දැකලා තමයි මාව මේ චරිතය සඳහා තෝරා ගන්නේ. ඒ විදියට තමයි ඉතින් මම මේ සිනමා කෘතියත් එක්ක එකතු වෙන්නේ. ලැබුණු අවස්ථාව තුළ මේ චරිතය සමගින් ප‍්‍රවේගය සිනමා කෘතියට මගෙන් ඉටුවිය යුතු උපරිම සාධාරණය ඉටු කරා කියලයි මම හිතන්නේ. එය කෙතෙක් දුරට නිවැරදි ද යන්න තීරණය කිරීමට පේ‍්‍රක්ෂක ඔබට අවස්ථාව තියෙනවා.

සිනමා කෘතිය නැරඹීම තුළින් පේ‍්‍රක්ෂකයාට නොපෙනෙන රසවත් අත්දැකීම් මේ සමගින් ඔබේ ජීවිතයට එකතු වෙන්න ඇති. ඉතින් ඔබ කැමති නම් මේ වේලාවේ දි ඔබට පුළුවන් ඒ අත්දැකීම් එකක් දෙකක් හෝ පේ‍්‍රක්ෂකයා සමග බෙදා හදා ගන්න.?
ඇත්තටම, අත්දැකීම් නම් බොහොමයි. ඒ අත්දැකීම් අතර හුගක් ත‍්‍රාසජනක අත්දැකීමක් තමයි හේමාල් එක්ක බයික් එකේ යන ගමන. හරි වේගෙන් තමයි මේ ගමන යන්නේ. එහෙම අත්දැකීමක් එක්ක හේමාල් වුණත් එකතු වුණු පළමු අවස්ථාව මේක කියලා තමයි ඔහු කිව්වේ. කොයි වේලේ ජීවිතෙන් සමුගන්න වෙයිද කියන බය හිත ඇතුළේ පුදුම විදියට රැදිලා තිබුණා. ඇත්තම කියනවා නම් ඒ ජවනිකා තුළ රගපෑවා නෙවේ. රගපෑවුණා කීවොත් නිවැරදියි. කොයිතරම් ත‍්‍රාසජනක වුණත් අද ඒ අත්දැකීම මතක් වෙද්දි හරි රසවත් බවක් දැනෙනවා. ඒක තමයි ඉතින් ප‍්‍රවේගයේ රසවත් අත්දැකීම.

මේක ඔබේ මුල්ම සිනමා කෘතිය වුණත් මීට පෙර රගපෑම තුළ කුමන හෝ කේෂ්ත‍්‍රයකින් ඔබ අත්දැකීම් ලබන්න ඇති..?
ඔව්. මීට අවුරුදු දහයකට ඉහතදී රංගනයෙන් දායකත්වය ලබා දුන්නා ”සිනි`දු පියාපත්” ටෙලි වෘත්තාන්තයට. ඒ වගේම ලා ඕජී, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ‍්‍රී ලංකා එයාර්ලයින් ආයතනවල වෙළෙද දැන්වීම්වලටත් රංගනයෙන් දායකත්වය ලබා දී තියෙනවා. වැඩසටහනක් විදියට හිරු එකේ නිවාඩුවට ට‍්‍රැවල් එකක් කියන වැඩසටහනත් එක්කත් එකතු වෙලා හිටියා.

මේ කේෂ්ත‍්‍රයෙන් ඔබ්බට ගිය ඔබේම කියලා ජීවිතයක් ඔබට ඇති. ඒ පිළිබද තොරතුරු මතක් කළොත්..?
ඔව්. මගේම කියලා ජීවිතයක් මට තියෙනවා. මගේ පවුලේ අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නෙකුයිත් මට ඉන්නවා. ඒ වගේම මම විවාහකයි. මගේම කියලා ව්‍යාපාරයකුත් මම පවත්වාගෙන යනවා “Girls only styling studieo” තමයි එහි නම.

ප‍්‍රවේගයත් සමග ඉදිරියට යන ඔබේ ජීවිතය තුළත් අනාගත බලාපොරොත්තු ඇති.?
සිනමා කේෂ්ත‍්‍රය තුළින් ඉදිරියට යාම වගේම, මගේ ව්‍යාපාරය දියුණු කර ගන්නත් බලාපොරොත්තු වෙනවා.

මේ තරම් දුරක් ආපු ඔබේ ජිවිත ගමන් මග තුළ ඔබට උදව් කළ අයත් ඇති..?
ඔව් නංගි. සිනමා කෘතිය ඇතුළේ මට පැවරුණු කාර්යයන් ඉටු කරන්න සහය ලබා දුන්නු හැමෝටමත්, එහි නිෂ්පාදකතුමා සදේෂ් කුමාර්, ඔහුගේ බිරිඳ, අධ්‍යක්ෂකතුමා ඩොනල්ඞ් ජයන්ත වගේම අම්මා තාත්තා නංගිලා ආදරණීය සැමියා, මේ හැමෝටම හුගක් ස්තූති වන්ත වෙනවා මට මේ වගේ තැනකට එන්න අවශ්‍ය මග පෙන්වීම වගේම ශක්තිය ධෛර්ය ලබා දුන්නට.

ඉතින් අවසාන වශයෙන් ඔබට කියන්න තව අදහස් තියෙනවා නම් ඊට අවස්ථාව ලබා දෙන්න කැමතියි..?
අවසාන වශයෙන් ඉතින් හැම කෙනෙක්ටම ඇවිත් මේ සිනමා කෘතිය නරඹන්න එකතු වෙන්න, ශ‍්‍රී ලාංකීය සිනමාවේ නව වෙනස විදගන්න එන්න කියලා පොදුවේ ආරාධනා කරන්න කැමතියි.
(සරසවිය පුවත්පත ඇසුරෙනි)



Share this

Related Posts

Previous
Next Post »