මැලේසියාවේදී ලාංකිකයෙකු ඝාතනය කරලා

4:34 PM
මැලේසියාවේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර තිබේ.මැලේසියාවේ ෂා අලාම් නගරයේ නිවාස සංකීර්ණයකට අනවසරයෙන් ඇතුළුවීමට අදාළ ශ්‍රී ලාංකිකයා උත්සාහ දරා ඇති අතර එහිදී සිදුකළ පහරදීමකින් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන්නන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් ඝාතනයට ලක්ව ඇති ශ්‍රී ලාංකිකයාගේ අනන්‍යතාව පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැත.
(www.adaderana.lk)


Share this

Related Posts

Previous
Next Post »