අධික ලෙස මත්පැන් පානය කර දුම්රියට පැන සිය දිවි හානිකර ගැනීමට උත්සහ කළ බව කියන පොලිස් නිලධාරියෙකු මදුරන්කුලම ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා මුන්දලම පොලිසියට භාර දී තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මඩකලපුව කලවංචිකුඩි පොලිසියේ සේවය කරන නිලධාරියෙකු මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි.
ඔහු හලාවත ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිය මිතුරෙකු හමුවීම සඳහා හමුවීම සඳහා අදාළ පොලිස් නිලධාරියා මදුරන්කුලිය ප‍්‍රදේශයට පැමිණ තිබෙනවා.
එහිදී මිතුරා සමග බහින්බස්වීමක් ඇති කරගත් ඔහු අධික ලෙස මත්පැන් පානය කර මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සහ කර ඇති බවයි ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කි‍්‍රයාත්මකයි.
EmoticonEmoticon