පොලිස්පතිත් කොටහේනට - පරීක්ෂණ කඩිනමින්

6:09 PM

කොටහේන බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ ඊයේ (31) වෙඩි තැබිම සිදුවු ස්ථානය  පොලිස්පතිවරයා විසින් අද (01) නිරික්‍ෂණයට ලක් කළා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පොලිස්පතිවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන් අද උදෑසන කැඳවා, එහි වර්තමාන තත්ත්වයි පිළිබඳ සාකච්ඡා කළ බවයි. 

එමෙන්ම ඉදිරි පරික්‍ෂණ සාර්ථකව සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ද එහිදී පොලිස්පතිවරයා විසින් අදාල නිලධාරීන්ට ලබා දුන් බව රුවන් ගුණසේකර මහතා කියා සිටියා. 

Share this

Related Posts

Previous
Next Post »