මෙතෙක් හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය මෙවර තමන්ට අහිමි වූයේ මනාප ඡන්ද ක‍්‍රමයේ වැරදි හේතුවෙන් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිනිදුම ආසන සංවිධායක පියසේන ගමගේ මහතා පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේම ඇතැම් පිරිසක් ද තමන්ට එරෙහිව මෙම මැතිවරණයේදී කි‍්‍රයාකළ බවයි සංවාදයකදී ඔහු කියා සිටියේ.
"ගාලු දිස්ත්‍රික්කයේ මම ඇර අනිත් ඔක්කෝම වට කරල මට ගහපු එකනෙ කළේ." යනුවෙන් ද හෙතෙම පැවසුවා.
පියසේන ගමගේ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයට තරග වැදුණා. එම දිස්ත‍්‍රික්කයෙන් සන්ධානයට ලැබුණු මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 6 ක්. පියසේන ගමගේ මහතාට හිමි වූයේ මනාප ලැයිස්තුවේ 7 වන ස්ථානයයි. ඔහුට ලැබුණු මනාප ඡන්ද ගණන හතළිස් හත්දහස් දෙසීය හතළිස් හතක්.
මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ලැබුණු වරම ජනතා සේවය සඳහා අවස්ථාවක් කර ගන්නා බව හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. බස්නාහිර පළාත් සභාවේ මන්ත‍්‍රීවරයෙකු වූ ඒ මහතා මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසි නවකයෙක්.
එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයට තරග කළ හර්ෂණ රාජකරුණා මහතා මනාප ඡන්ද එක්ලක්ෂ විසි දෙදහස් හාරසීය පනස් පහක් ලබාගත්තා. එම දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ මනාප ලැයිස්තුවේ හතර වැන්නාද ඔහුයි.

EmoticonEmoticon