මහනුවර සන්ධාන නායකයාත් විසිවේ

11:01 AM
මහනුවර දිස්ත‍්‍රීක්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර තරග කළ ඇමතිවරයෙකු සහ හිටපු නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනකු පරාජයට පත්ව තිබේ .

මහනුවර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය දැරූ අමාත්‍ය එස් . බී . දිසානායක මහතා මනාප 40209 ක් ලබා ගෙන මනාප ලැයිස්තුවේ හත් වන ස්ථානයට පත්ව තිබේ .

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන එරික් වීරවර්ධන මහතා මනාප 41 634 ක් ලබා ගෙන මනාප ලැයිස්තුවේ හය වන ස්ථානයට පත් ව සිටියත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇත්තේ මන්ත‍්‍රී ධූර පහක් පමණක් නිසා ඔහුටද එම අවස්ථාය අහිමි වී තිබේ.


හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ඒ. ආර් . එම්. ඒ. කාදර් මහතා මනාප 7828 ක් ලබා ගෙන ලැයිස්තුවේ 14 වන ස්ථානයට පත්ව තිබේ .

Share this

Related Posts

Previous
Next Post »