නිව්සවුත්වේල්ස්හි අධ්‍යාපන අමාත්‍ය ඒඩ්රියන් පිකෝලි පවසා ඇත්තේ බර්වුඩ් උසස් බාලිකා පාසලේදී ‘ගේ බයි බේබි‘ චිත්‍රපටය පාසල් වේලාවෙන් පසු දර්ශනය කරන ලෙස තමා නියෝග කළ බවයි.
‘මෙම චිත්‍රපටය පාසල් විෂය මාලාවට අයත් එකක් නොවෙයි. ඒකයි මම ඒ තීරණය ගත්තේ.‘ යැයි පිකොලි සඳහන් කරයි.
ජාතියක් වශයෙන් සමලිංගික ආකර්ෂණයට සහ ලිංග වෙනස්වීමට භාජනය වූවන් විවේචනය හේතුවෙන් ඔවුන් සිත්තැවුලට පත්ව ඇති බවත් ඔවුන් සියදිවි හානි කර ගැනීමේ සම්භාවිතාව සම ලිංගික නොවන අයට වඩා 6 ගුණයක් වැඩි බවත් එම චිත්‍රපටයෙන් පෙන්වා දෙයි.
සම ලිංගික දෙමාපියන්ගේ දරුවන් සිව් දෙනකුට ඕස්ට්‍රේලියාවේදී හා ඉන් පිටතදී මුහුණ පෑමට සිදුවන අවහිරතා සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් එම චිත්‍රපටයට ඇතුළත්ය.
චිත්‍රපටය මගින් මිනිසුන් අනෙකාට ගරු කරන්නේ කෙසේද යන්න ගැන පාසලේදී ඉගැන්වීමට හැකිවීම වඩාත් වැදගත් බව ඇතැම් පිරිස් කියති.
චිත්‍රපටය මගින් මිනිසුන් අනෙකාට ගරු කරන්නේ කෙසේද යන්න ගැන පාසලේදී ඉගැන්වීමට හැකිවීම වඩාත් වැදගත් බව ඇතැම් පිරිස් කියති.

EmoticonEmoticon