උසස් පෙළට පෙර ප්‍රශ්න පත්‍රය Facebook එකේ තිබිලා!

11:26 PM
පොස උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ උඩ කොටසේ ඡායාරූපයක් විභාගයට පෙර දින බස්නාහිර පාසලක ශිෂ්‍යාවක සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ බවට වාර්තා පළ වනවා.


සිසුන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුවට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ එම ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලබාදීම සෙනසුරාදා (08) සවස 12.30ට ආරම්භ කිරීමට නියමිතව තිබිය දී සිකුරාදා (07) සවස ෆේස්බුක් පිටුවක පළ කර තිබූ අයුරු තමන් දුටු බවයි.

එම ඡායාරූපයේ සඳහන් ප්‍රශ්න පත්‍රයේ උඩ කොඩස ඊයේ  පැවැති ප්‍රශ්න පත්‍රයට සමාන බව ද එම සිසුන් පෙන්වා දී තිබෙනවා.

මෙමගින් තමන්ට අසාධාරණයක් වන නිසා  සාධාරණයක් ඉටු කරන ලෙස සිසුන් බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

Share this

Related Posts

Previous
Next Post »