සිසුන් 7ක් රෝහලේ සිට 5 ශිෂත්වය ලියයි

9:09 PM
දිවයින පුරා මධ්‍යස්ථාන 2907කදී අද 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිසිදු ගැටළුවකින් තොරව ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ බවයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 3 40,926ක් පෙනී සිටි බවයි විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සඳහන් කළේ.

විභාගය කොටස් දෙකකට පැවති අතර,  පළමු වන ප‍්‍රශ්න පත‍්‍රය පෙරවරු 9.30 සිට පෙරවරු 10.15 දක්වා විනාඩි 45ක කාලයක් පැවැත්වුණා. දෙවන ප‍්‍රශ්න පත‍්‍රය පෙරවරු 10.45 සිට මධ්‍යහ්න 12 දක්වා පැය 1යි විනාඩි 15ක කාලයක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.
 
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි දරුවන් තුන්දෙනෙකු රෝහලේ දී අද ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා. එමෙන්ම මහරගම පිළිකා රෝහලේ ද ප‍්‍රතිකාර ලබමින් සිටි දරුවන් තුන්දෙනෙකු ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දර කැපීමට ගොස් අත් වැරදීමකින් සිය වම් අතට හානි වූ නෝවුඞ් ප‍්‍රදේශයේ සිසුවෙකු ද අද පේරාදෙණිය රෝහලේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා.

මේ අතර, ශිෂ්‍යත්ව විභාගය සඳහා සිය දෙමාපියන් සමඟ පැමිණෙමින් සිටි දරුවෙකු අද අවිස්සාවේල්ල - කොස්ගම නගරයේදී ති‍්‍රරෝද රථයක ගැටී අනතුරට ලක්වුණා. පසුව කොස්ගම පොලිස් ස්ථානාධිපතිවරයා ක්ෂණිකව මැදිහත් වී දරුවාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයේදී විභාගය ලිවීම සඳහා පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබුණා. 

(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »