පළමු අඟහරු සෙල්ෆිය මිහිතලයට

8:15 PM
කියුරියෝසිටි (Curiosity) රොබෝ යානය විසින් අඟහරු ග්‍රහයා මතුපිටදී ගත් සෙල්ෆියක් අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

කියුරියෝසිටි රොබෝ යානය විසින් අඟහරු පෘෂ්ඨය විදිනු ලබන සෑම ප්‍රදේශයක දීම සෙල්ෆියක් ලබා ගැනීමට නාසා ආයතනය උත්සාහ කරන බව විදේශ මාධ්‍ය පෙන්වා දෙයි.

මෙම සෙල්ෆිය අඟහරු ග්‍රහයාගේ “Buckskin” නමින් හැඳින්වෙන පර්වතයේ සිට ගන්නා ලද්දක් බවට වාර්තාවෙයි.

එම යානය විසින් සෙල්ෆි ලබා ගන්නේ ද අප ගන්නා ආකාරයට අතේ දුරින් ඇති කැමරාවක් මාර්ගයෙනි.

කියුරියෝසිටි රොබෝ යානය පෘථිවි වර්ෂ 3ක කාලයක් පුරා අඟහරු මත සැරි සරයි.

මේ වන විට එය ශාප් කන්ද තරණය කරමින් එහි පාෂාණ නිරීක්ෂණය කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share this

Related Posts

Previous
Next Post »