ආණමඩුව කොට්ටුකච්චියේ නිවසක මාස
කිහිපයක් රැඳී සිටි යකැදුරකුගෙන් ළය විරේකයක් කර ගත් දියණිය සහ පියා මරණයට
පත්ව ඇති බව පුත්තලම සහ හලාවත රෝහල්වලදී සිදුවූ හදිසි මරණ පරික්ෂණ වලදී
අණාවරණය වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මල්නයිදෙගේ තුෂාරි සංජීවා ප්‍රනාන්දු (39) තිදරු මවක් හා ලයනල් ප්‍රනාන්දු (60) යන අයයි.
බන්ධන හා කොඩිවින ඉවත් කිරීමට යැයි පවසමින් තැඹිලි ගෙඩි හත බැගින් ගෙන විවිධ ඖෂධ හා පිටි කිරි දමා බීමට දී ඇති බවත්, එය පානය කිරීමෙන් පසු මොවුන් දැඩි ලෙස රෝගාතුරවී රෝහලට ඇතුළත් කර ඇති අතර දියණිය 18 වැනිදාත් පියා 22 වැනිදාත් මියගොස් ඇත.
අදාල ළය විරේකය සිදු කල යකැදුරාට ළය විරේකය කිරීම සදහා ආයුර්වේද සභාවේ හෝ වෙනත් පිළිගත් වෛද්‍ය ආයතනයක සහතිකයක් නොමැති බවසි පැවසෙන්නේ.
EmoticonEmoticon