ශී‍්‍ර ලංකා පිල ගැඹුරු අගාධයක

10:58 AM
ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී පන්දුවට පහරදීම මේ ආකාරයේ විය යුතු යයි ශී‍්‍ර ලංකා පිලට කියා දුන් ෂිකාර් ධවාන් (134) සහ විරාට් කෝලි (103) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 227 ක සම්බන්ධතාවත් ඉන්දීය දඟ පන්දු යවන්නන් දෙදෙනාගේ අනපේක්‍ෂිත කඩාවැදීමත් නිසා ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (13 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම පතුළක් නොපෙනෙන අගාධයක ඇද වැටී සිටියේය.

සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 375 ක් ලබාගත් ඉන්දියානුවෝ ලකුණු 192 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගැනීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේදී කඩුලූ දෙකක්ද ලකුණු 01 කට බිම දැමූහ. අද සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 5 ක් ලබා සිටියේය.



පළමු ඉනිමේදී වැටුණු අගාධයෙන් ගොඩ ඒමේ අරමුණ ඇතිව දෙවැනි ඉනිම ආරම්භ කළ ශී‍්‍ර ලංකා පිල කිසිවකු අපේක්‍ෂා නොකළ මොහොතක ඉනිමක පරාජයෙන් ගැලවීමේ අවදානමට ලක්ව සිටී. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඒ වෙනුවෙන් තවත් ලකුණු 187 ක් ලබාගත යුතුවන නමුත් ඔවුන් සතුව ඇත්තේ කඩුලූ 8 ක් පමණි.

ගාල්ල කී‍්‍රඩාංගණයේදී අවසන් වරට ටෙස්ට් තරගයකට මුහුණ දෙන කුමාර් සංගක්කාර සහ මුරකරු පිතිකරුවා වශයෙන් ඊයේ පිටියට පිවිසි ධම්මික ප‍්‍රසාද් කඩුල්ලේ තවමත් රැඳී සිටිති.

අද තේ පානය සඳහා කී‍්‍රඩාව නතර කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලූ 6 ක් දැවී ලකුණු 304 ක් ලබා සිටියද අවසන් පිතිකරුවන් සිවුදෙනා එක්ව ඉන්දීය පිලේ ලකුණු සංඛ්‍යාව 375 දක්වා ඉහළට එසවූහ. එහි ප‍්‍රතිඵලය වූයේ සංචාරකයන්ගේ මුල් ඉනිමේ වාසිය 192 ක් දක්වා දිගු වීමයි.

තමාගේ 4 වැනි ටෙස්ට් තරගයට සහභාගි වන පිට දඟ පන්දු යවන කී‍්‍රඩක තරිඳු කෞෂාල් දෙවැනි වතාවටත් කඩුලූ 5 ක් දවාගත් අතර රංගන හේරත්ට කඩුලූ නොලැබීම ඉන්දියානුවන් මෙම තරගයේදී පෙරමුණ ගැනීමට තවත් එක් ප‍්‍රබල සාධකයක් විය.

ඉන්දීය පිලේ දෙවැනි කඩුල්ල ලකුණු 28 දී බිඳ වැටුණ නමුත් එතැන් සිට එක්වූ ෂිකාර් ධවාන් සහ විරාට් කෝලි දෙදෙනාම කිසිදු කලබලයකින් තොරව, ලකුණු එක සහ දෙක බැගින් එක්කාසු කරමින් තමන්ගේ පාඩුවේ ලකුණු කරා යද්දී ඉන්දියානුවන්ගේ ආරක්‍ෂාව බිඳ දමාගත නොහුණු ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ පන්දුව එකිනෙකා අතර මාරු කරමින් විපිළිසරව සිටියහ.

සිය ශතකය සඳහා විනාඩි 244 කදී පන්දු 178 කට මුහුණ දෙමින්, ඒවායින් 10 ක් හතරේ සීමාවට යැවූ ධවාන් ශතකය ලබාගැනීමෙන් පසුව වුවද කිසිදු වෙනසකින් තොරවම පන්දුවට පහර දුන්නේ කණ්ඩායමේ අපේක්‍ෂා මොනවට විද්‍යමාන කරමිනි.

දිවා ආහාරයෙන් පසුව යැවුණු 11 වැනි සහ 12 වැනි ඕවර දෙකේදී විරාට් කෝලි සහ අජින්ක්‍යා රහනේ පිටියෙන් ඉවත් වීමත් නිසා ශී‍්‍ර ලංකා පිල නැවතත් තරගයට අවතීර්ණ වුවද ෂිකාර් ධවාන් දුන් උඩපන්දුවක් කවර්ස් හි සිටි ළහිරු තිරිමාන්න අතින් ගිළිහී යාම බලාපොරොත්තු නොවූ පසුබෑමක් විය. එය ෂිකාර් ධවාන් මෙම ඉනිමේදී ලද තුන්වැනි වාසනාවයි.

ධවාන් ලකුණු 28 ක් ලබා සිටියදී ලැබුණු උඩපන්දුවක් ඇන්ජලෝ මැතිව්ස් වෙතින් ගිළිහී ගිය අතර විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය මෙම තරගාවලියට නොමැතිවීමද බලවත් අවාසියක් විය.

ඉන්දියානු කි‍්‍රකට් පාලක මණ්ඩලය විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදයට විරෝධය දැක්වීම නිසා ඉන්දීය පිල සහභාගි වන ටෙස්ට් තරගාවලි සඳහා විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය භාවිතා නොකෙරේ. එසේ වූවානම් ෂිකාර් ධවාන් ලකුණු 79 ක් ලබාසිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමේ අවස්ථාව තරිඳු කෞෂාල්ට තිබිණ.

තරිඳු කෞෂාල් මෙම තරගයේදී පළමු කඩුල්ල දවාගැනීම සඳහා ඕවර 17 ක් යවා ලකුණු 91 ක් දී තිබිණ. කඩුලූ 5 ක් දවාගත් නමුත් නිසි ඉලක්කයක් සහ අරමුණකින් තොරවූ කෞෂාල්ගේ ඕවර 32.4 න් ඉන්දියානුවෝ ලකුණු 134 ක් උදුරාගත්හ. කෞෂාල්ගේ පන්දු යැවීම කෙතරම් දුරට ඉලක්කයකින් තොර වූයේද පන්දු හයක් එක දිගට එක එල්ලයකට යවාගත නොහැකි වූ හෙයින් තේ පානයට පෙර ඕවර 23 යවා තිබියදීත් නොයිඳුල් ඕවරයක් යැවීමට ඔහු අපොහොසත් වී තිබිණ.

පැය හතරකට වැඩි කාලයක් කඩුල්ලේ රැඳී සිටි නායක විරාට් කෝලි පන්දු 187 කින් 11 ක් හතරේ සීමාවට පිටත්කර යවමින් සිය 11 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය.

ධම්මික ප‍්‍රසාද් (4-1-08-1) සහ නුවන් ප‍්‍රදීප් (3-0-11-0) පෙරවරුවේදීත් කෙටි පන්දුවාර දෙකක් යැවූ නමුත් එය ඉන්දියානුවන්ට දැනුණේවත් නැත. මෙවන් කෙටි පන්දුවාර යැවීම ශී‍්‍ර ලංකා වේග පන්දු යවන්නන් කලක සිටම පුරුද්දක් කරගෙන තිබෙන නමුත් ඒවායින් අත්වන විශේෂ ප‍්‍රතිඵලයක් නම් නැත. බොහෝ විට සිදුවන්නේ පන්දු යවන්නා රිද්මයට පැමිණෙන විටම, ඕවර 4 කින් හෝ ඕවර 5 කින් පන්දු යැවීම නතර වීමත් පිතිකරුවාට නැවතත් සුපුරුදු ආකාරයෙන් ලකුණු කරා යාමට අවස්ථාව ලැබීමත්ය.
ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී පන්දුවට පහරදීම මේ ආකාරයේ විය යුතු යයි ශී‍්‍ර ලංකා පිලට කියා දුන් ෂිකාර් ධවාන් (134) සහ විරාට් කෝලි (103) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 227 ක සම්බන්ධතාවත් ඉන්දීය දඟ පන්දු යවන්නන් දෙදෙනාගේ අනපේක්‍ෂිත කඩාවැදීමත් නිසා ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (13 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම පතුළක් නොපෙනෙන අගාධයක ඇද වැටී සිටියේය.

සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 375 ක් ලබාගත් ඉන්දියානුවෝ ලකුණු 192 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගැනීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේදී කඩුලූ දෙකක්ද ලකුණු 01 කට බිම දැමූහ. අද සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 5 ක් ලබා සිටියේය.

පළමු ඉනිමේදී වැටුණු අගාධයෙන් ගොඩ ඒමේ අරමුණ ඇතිව දෙවැනි ඉනිම ආරම්භ කළ ශී‍්‍ර ලංකා පිල කිසිවකු අපේක්‍ෂා නොකළ මොහොතක ඉනිමක පරාජයෙන් ගැලවීමේ අවදානමට ලක්ව සිටී. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඒ වෙනුවෙන් තවත් ලකුණු 187 ක් ලබාගත යුතුවන නමුත් ඔවුන් සතුව ඇත්තේ කඩුලූ 8 ක් පමණි.

ගාල්ල කී‍්‍රඩාංගණයේදී අවසන් වරට ටෙස්ට් තරගයකට මුහුණ දෙන කුමාර් සංගක්කාර සහ මුරකරු පිතිකරුවා වශයෙන් ඊයේ පිටියට පිවිසි ධම්මික ප‍්‍රසාද් කඩුල්ලේ තවමත් රැඳී සිටිති.

අද තේ පානය සඳහා කී‍්‍රඩාව නතර කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලූ 6 ක් දැවී ලකුණු 304 ක් ලබා සිටියද අවසන් පිතිකරුවන් සිවුදෙනා එක්ව ඉන්දීය පිලේ ලකුණු සංඛ්‍යාව 375 දක්වා ඉහළට එසවූහ. එහි ප‍්‍රතිඵලය වූයේ සංචාරකයන්ගේ මුල් ඉනිමේ වාසිය 192 ක් දක්වා දිගු වීමයි.

තමාගේ 4 වැනි ටෙස්ට් තරගයට සහභාගි වන පිට දඟ පන්දු යවන කී‍්‍රඩක තරිඳු කෞෂාල් දෙවැනි වතාවටත් කඩුලූ 5 ක් දවාගත් අතර රංගන හේරත්ට කඩුලූ නොලැබීම ඉන්දියානුවන් මෙම තරගයේදී පෙරමුණ ගැනීමට තවත් එක් ප‍්‍රබල සාධකයක් විය.

ඉන්දීය පිලේ දෙවැනි කඩුල්ල ලකුණු 28 දී බිඳ වැටුණ නමුත් එතැන් සිට එක්වූ ෂිකාර් ධවාන් සහ විරාට් කෝලි දෙදෙනාම කිසිදු කලබලයකින් තොරව, ලකුණු එක සහ දෙක බැගින් එක්කාසු කරමින් තමන්ගේ පාඩුවේ ලකුණු කරා යද්දී ඉන්දියානුවන්ගේ ආරක්‍ෂාව බිඳ දමාගත නොහුණු ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ පන්දුව එකිනෙකා අතර මාරු කරමින් විපිළිසරව සිටියහ.

සිය ශතකය සඳහා විනාඩි 244 කදී පන්දු 178 කට මුහුණ දෙමින්, ඒවායින් 10 ක් හතරේ සීමාවට යැවූ ධවාන් ශතකය ලබාගැනීමෙන් පසුව වුවද කිසිදු වෙනසකින් තොරවම පන්දුවට පහර දුන්නේ කණ්ඩායමේ අපේක්‍ෂා මොනවට විද්‍යමාන කරමිනි.

දිවා ආහාරයෙන් පසුව යැවුණු 11 වැනි සහ 12 වැනි ඕවර දෙකේදී විරාට් කෝලි සහ අජින්ක්‍යා රහනේ පිටියෙන් ඉවත් වීමත් නිසා ශී‍්‍ර ලංකා පිල නැවතත් තරගයට අවතීර්ණ වුවද ෂිකාර් ධවාන් දුන් උඩපන්දුවක් කවර්ස් හි සිටි ළහිරු තිරිමාන්න අතින් ගිළිහී යාම බලාපොරොත්තු නොවූ පසුබෑමක් විය. එය ෂිකාර් ධවාන් මෙම ඉනිමේදී ලද තුන්වැනි වාසනාවයි.

ධවාන් ලකුණු 28 ක් ලබා සිටියදී ලැබුණු උඩපන්දුවක් ඇන්ජලෝ මැතිව්ස් වෙතින් ගිළිහී ගිය අතර විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය මෙම තරගාවලියට නොමැතිවීමද බලවත් අවාසියක් විය.

ඉන්දියානු කි‍්‍රකට් පාලක මණ්ඩලය විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදයට විරෝධය දැක්වීම නිසා ඉන්දීය පිල සහභාගි වන ටෙස්ට් තරගාවලි සඳහා විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය භාවිතා නොකෙරේ. එසේ වූවානම් ෂිකාර් ධවාන් ලකුණු 79 ක් ලබාසිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමේ අවස්ථාව තරිඳු කෞෂාල්ට තිබිණ.

තරිඳු කෞෂාල් මෙම තරගයේදී පළමු කඩුල්ල දවාගැනීම සඳහා ඕවර 17 ක් යවා ලකුණු 91 ක් දී තිබිණ. කඩුලූ 5 ක් දවාගත් නමුත් නිසි ඉලක්කයක් සහ අරමුණකින් තොරවූ කෞෂාල්ගේ ඕවර 32.4 න් ඉන්දියානුවෝ ලකුණු 134 ක් උදුරාගත්හ. කෞෂාල්ගේ පන්දු යැවීම කෙතරම් දුරට ඉලක්කයකින් තොර වූයේද පන්දු හයක් එක දිගට එක එල්ලයකට යවාගත නොහැකි වූ හෙයින් තේ පානයට පෙර ඕවර 23 යවා තිබියදීත් නොයිඳුල් ඕවරයක් යැවීමට ඔහු අපොහොසත් වී තිබිණ.

පැය හතරකට වැඩි කාලයක් කඩුල්ලේ රැඳී සිටි නායක විරාට් කෝලි පන්දු 187 කින් 11 ක් හතරේ සීමාවට පිටත්කර යවමින් සිය 11 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය.


ධම්මික ප‍්‍රසාද් (4-1-08-1) සහ නුවන් ප‍්‍රදීප් (3-0-11-0) පෙරවරුවේදීත්කෙටි පන්දුවාර දෙකක් යැවූ නමුත් එය ඉන්දියානුවන්ට දැනුණේවත් නැත. මෙවන් කෙටි පන්දුවාර යැවීම ශී‍්‍ර ලංකා වේග පන්දු යවන්නන් කලක සිටම පුරුද්දක් කරගෙන තිබෙන නමුත් ඒවායින් අත්වන විශේෂ ප‍්‍රතිඵලයක් නම් නැත. බොහෝ විට සිදුවන්නේ පන්දු යවන්නා රිද්මයට පැමිණෙන විටම, ඕවර 4 කින් හෝ ඕවර 5 කින් පන්දු යැවීම නතර වීමත් පිතිකරුවාට නැවතත් සුපුරුදු ආකාරයෙන් ලකුණු කරා යාමට අවස්ථාව ලැබීමත්ය.

අද පෙරවරුවේදී සිදුවූයේත් එයම මිස අනෙකක් නොවේ. එහෙත් ශී‍්‍ර ලංකා වේග පන්දු යවන්නන් දීර්ඝ පන්දු යැවීමේ වාරයක් සඳහා ශාරීරිකව සූදානම් නැතැයි පිළිගැනීමට තරම් සවිමත් කශේරුකාවක් ඇත්තේ කාටද? පිළිතුරු සෙවිය යුතු ප‍්‍රශ්නය එයය.
(lankadeepa)


Share this

Related Posts

Previous
Next Post »