වසර 70 කට පසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු අද කියුබාවට

10:58 AM
වසර 70 කට පසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු අද කියුබාවේ සංචාරයක නිරත වනවා. කොමියුනිස්ට් කියුබාවේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු මීට පෙර සංචාරය කර ඇත්තේ 1945 වසරේදීයි. රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අද සිය කියුබානු චාරිකාවේදී හවානා නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ඇමෙරිකානු ධඡය ඔසවනු ඇති. ඇමෙරිකාව සහ කියුබාව අතර තානාපති සබඳතා ප්‍රතිස්ථාපනය කෙරුණේ ජනාධිපති රාවුල් කස්ත්‍රෝ සහ ජනාධිපති බැරැක් ඔබාමා අතර පසුගිය දෙසැම්බරයේ ඇති වූ සුහද හමුවෙන් අනතුරුවයි.

මේ අතර, කියුබානු විප්ලවයේ නිර්මාතෘ ෆිදෙල් කස්ත්‍රෝ ඊයේ සිය 89 වන ජන්ම දිනය සැමරුවා. ඒ සඳහා කියුබාවේ ලතින් ඇමෙරිකානු හිතවතුන් වන වෙනිසියුලානු ජනාධිපති නිකලස් මධූරෝ සහ බොලිවියානු ජනාධිපති ඊවෝ මොරාලෙස් ද එක්වුණා. 

(hiru news )

Share this

Related Posts

Previous
Next Post »