බ්ලූමැන්ඩල් වෙඩි තැබීම ගැන පරීක්ෂණ CIDයට

8:07 AM
කොළඹ බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ ඊයේ දහවල් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් මේ වන විටත් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එමෙන්ම අමාත්‍ය රවී කරුණානායක මහතා සිද්ධිය වීමට පෙර අදාළ ස්ථානයට පැමිණෙන අවස්ථාවේ මාධ්‍ය ආයතන විසින් ලබාගත් වීඩියෝ දර්ශන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

මේ අතර මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් අතර පාතාල කල්ලි සාමාජිකයෙකු සිටින බවට තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් එවැනි කිසිවෙකු තුවාල ලැබූවන් අතර නොමැති බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවයි.

Share this

Related Posts

Previous
Next Post »