අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට චෝදනා

3:18 PM
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසන් සභාව අකාර්යක්ෂම වී ඇති බවට පුළුල් ප්‍රචාරයක් දී ඇත්තේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ මැදිහත් වීම මත බව එම කොමිසන් සභාව ප්‍රකාශ කළා. ඔවුන් මේ බව කියා සිටින්නේ සභාපති විනිසුරු ජගත් බාලපටබැදි සහ කොමසාරිස්වරුන් දෙදෙනෙකුගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින්.

එල්ල වූ එක් චෝදනාවක් වන්නේ කොමිසන් සභාවට පුරප්පාඩු වී ඇති පොලිස් නිලධාරීන් 50 දෙනෙකු ඊට යොමු කලත් එය ප්‍රතික්ෂේප කිරීමයි. ඊට පිිලිතුරු ලෙස හේතු 06ක් දක්වමින් කොමිසන් සභාව පවසන්නේ අපේක්ෂිත සේවය යොමු කළ එම නිළධාරීන්ගෙන් ලබා ගත නොහැකි නිසා ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ආපසු යැවූ බවයි.

මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 48ක් ද මහ අධිකරණයේ නඩු 21ක් ද පවරා ඇතැයි ද අදාල නිවේදනයේ සඳහන්. එමෙන්ම ලැබී ඇති පැමිණිලි 2679 ම  පිළිබඳ අවශ්‍ය විධානයන් ලබා දී ඇති බවයි එහි දැක්වෙන්නේ. එමෙන්ම 2011 දී කොමිසන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් පත් කළ දා සිට ලැබුණු සියලූ පැමිණිලි වලට අවශ්‍ය විධානයන් නිකුත් කර ඇති බවද එහි සඳහන්. මේ වසර තුල පොලිස් නිලධාරීන් 15 දෙනෙකු පුරප්පාඩු සඳහා බදවා ගෙන ඇතැයි ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ.

අල්ලස් කොමිසම අකාර්යක්ෂම වී ඇති බවට පුළුල් ප්‍රචාරයක් දියත් කර ඇත්තේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන නීතිඥ දිල්රුක්ෂි ඩයස්ගේ මැදිහත් වීමෙන් බවට වන චෝදනා පිිළිබඳව ඇයගෙන් විමසීමට උත්සහ කළත් එය ව්‍යර්ථ වූයේ ඇය දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්. 

(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »