47 දෙනෙකුගෙන් යුත් ජගත් සංවිධාන නියෝජිත කණ්ඩායමකට සිරියාවට පැමිණීමට එරට
රජය වීසා බලපත්‍ර නිකුත් කර තිබෙනවා. සිරියාවේ ජගත් සංවිධාන මානුෂික
මෙහෙයුම සඳහා කාර්ය මණ්ඩලය නොමැතිවීම ගැටලූවක්ව පැවති බවයි මානුෂීය කටයුතු
පිළිබඳ ජගත් සංවිධාන සහකාර මහලේකම් ස්ටීවන් ඕ බ්‍රයන් ප්‍රකාශ කළේ.
සිරියාවේ මිලියන 4.6 ක ජනතාවට ආහාර ඇතුළු ආධාර අවශ්‍ය වී ඇති අතර, ජගත්
සංවිධානයට ආධාර සැපයීමට හැකිව ඇත්තේ ඉන් 12% කට පමණයි. සිරියානු යුද්ධයෙන්
මිලියන 7.6 ක් ජනතාව අවතැන්ව සිටින අතර, ඉන් මිලියන 4 ක් විදේශ රටවල් වෙත
ගොස් සිටිනවා.
EmoticonEmoticon