හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එක්සත් ජාතික පෙරමුණේ යහපාලන පාර්ශ්වය සමඟ කටයුතු කරන බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මහර පිහිටි ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මෙහයුම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමින්.
මහර පිහිටි ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මැතිවරණ මෙහෙයුම් සිදු කරන ප්‍රධාන මධ්‍යස්ථානය වෙයි. එම මධ්‍යස්ථානයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පැමිණියේ අද (2) පෙරවරුවේයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග විශේෂ සාකච්ඡාවක් ද කළා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේදී යහපාලන පාර්ශ්වයේ ජග්‍රහණය සඳහා කළ ඉදිරි වැඩපිළිවෙළ ගැන එම සාකච්ඡාවේදී විශේෂ අවධානයකට යොමු වූ බවයි.
EmoticonEmoticon