අලි රොෂාන් නමින් හැඳින්වෙන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් නැමැත්තාගේ නිවසේ බලපත්‍ර නොමැතිව රඳවා ගෙන සිටින අලි පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දීර්ඝ පරීක්ෂණයක් සිදුකර ඇති බව අධිකරණයට දැනුම් දුන් රජයේ නීතීඥයන්, අලි රොෂාන් නමැත්තා අලි පස් දෙනෙකු කැළයෙන් අල්ලාගෙනවිත් බලපත්‍ර නොමැතිව සිය නිවසේ රඳවාගෙන තිබෙන බවට අනාවරණ වී ඇති බව සඳහන් කළා.
ඒ අනුව කොළඹ ප‍්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම අලි පස්දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරනු ලැබුවා.
EmoticonEmoticon