අමාත්‍ය තනතුරු සම්බන්ධයෙන් මේ වනවිට විවිධ කටකතා පැතිරෙමින් තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය මංගල සමරවීර මහතාටත්, අධිකරණ අමාත්‍යාංශය විජේදාස රාජපක්‍ෂ මහතාටත්, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් ඞී.එම් ස්වාමිනාදන් මහතාටත් මේ වනවිට ලබාදී අවසන්.
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ටද විෂය පථයක් භාර ගන්නා ලෙස කළ ඉල්ලීම් උන්වහන්සේ ප‍්‍රතික්‍ෂේප කර ඇතැයි සඳහන්.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සතුව තබාගැනීමට බලාපොරොත්තු වන විෂය පථයන්වලට ජනාධිපතිවරයාගේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අවධානය යොමුව තිබෙනවා.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරය පෞද්ගලික න්‍යාය පත‍්‍රවලින් බැහැර වූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වෙත ලබාදිය යුතු බවට අග‍්‍රාමාත්‍යවරයාගේ පාර්ශවය යෝජනා කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් යෝජනා වූ එවැනි එක්තරා නමක් බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇතැයිද සඳහන්.
යහපාලනයට එක්ව, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ මන්තී‍්‍රවරුන්ට අමාත්‍ය ධූර ලබාදීමට යෝජනා වූ දිස්ති‍්‍රක්කවල එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරයෙකුටද කැබිනට් අමාත්‍ය ධුරයක් බොහෝ විට හිමිවනු ඇති.

EmoticonEmoticon