එජාපයේ 42ක් සන්ධානයේ 34ක් වත්කම් බැරකම් සඟවයි

10:25 AM
මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් එක්දහස් නවසියකට වැඩි පිරිසක් තවමත් වත්කම්, බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කර නැතැයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් හතළිස් දෙදෙනෙකුද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් තිස් හතර දෙනෙකුද එ් අතර වන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ එක් අපේක්ෂකයෙකු හැර සෙසු සියලූ දෙනා සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා. ජනසෙත පෙරමුණේ සියලූ අපේක්ෂකයන් දැනටමත් වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කරන දෙසිය තිස්පස් දෙනාගෙන්, එකසිය අසූ පස් දෙනෙකුද, දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයින් 44 දෙනාගෙන් 27 දෙනෙකුද වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා. 

මැතිවරණ මහලේකම් කාර්යාලය මුලින් ප‍්‍රකාශ කළේ මහ මැතිවරණයට තරග කරන සියලූ අපේක්ෂකයන් ඉකුත් 30 වැනිදා වන විට සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවයි.
කෙසේ වෙතත් පසුව එම කාලය හෙට දිනය දක්වා දීර්ඝ කෙරුණා. වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකරන අපේක්ෂකයන් සඳහා මහ මැතිවරණයේදී අපේක්ෂක හැඳුනුම්පත නිකුත් නොකරන බව ප‍්‍රකාශ වී තිබෙනවා. 

( www.nethfm.com)


Share this

Related Posts

Previous
Next Post »