ලංකාවටම 30යි - කාර් පරදන ත්‍රී වීල් එක මෙන්න

10:53 AM
රටේ පවතින නීති රීති අනුව ත්‍රිරෝද රථයක යන්න පුළුවන් රියදුරුත් සමගම සිව්දෙනෙකුට පමණයි. හැබැයි රියදුරුත් සමග හත් දෙනෙකුට යාහැකි ත්‍රිරෝද රථයක් කතරගම යද්දී අනිල් විතානගේගේ කැමරාවෙ සටහන් වෙලා තිබුණ. ඒ උඩවලව ජලාශයේ බැම්ම මතදියි.

මේ පිළිබඳව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ 2012 වසරේ සිට මෙවැනි ත්‍රිරෝද රථ මෙරටට ගෙන්වා ඇති බවය. දැනට මෙවන් ත්‍රිරෝද රථ තිහක් පමණ ලියාපදිංචි කොට ඇති බවද දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පැවසුවා.

සාමාන්‍ය මෝටර් රථයකද ගමන් කළ හැක්කේ පුද්ගලයින් හතරකට හෝ උපරිම පහකට බැවින් මෙම ත්‍රිරෝද රථය ‍ගමන්ගත හැකි පුද්ගල සංඛ්‍යාව අනුව සසඳද්දී මෝටර් රථයට වඩා ඉදිරියෙන් සිටී.




Share this

Related Posts

Previous
Next Post »