කටුනායක
- කොළඹ අධිවේගී මාර්ගයේ සීදූව පිටවීමේ දොරටුව ආසන්නයේ සැකකටයුතු ලෙස
ගැවසුණු පිරිසක් පරික්ෂා කිරීමට යාමේදී එම පිරිස පොලිස් නිලධාරින්
දෙදෙනෙකුට පහරදී තිබෙනවා. සීදූව පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයින් පොලිස්
නිලධාරින් දෙදෙනා පැමිණි පුද්ගලික යතුරුපැදි දෙක රැගෙන පළාගොස් ඇති බවයි.
ඊයේ
(29) පස්වරුවේ අධිවේගී මාර්ගයේ සීදූව පිටවීමේ දොරටුව ආසන්නයේ නවතා තිබූ
මෝටර් රථයක් අසළ, සැකකටයුතු ලෙස පුද්ගලයින් පස්දෙනෙකු සිට තිබෙනවා. පසුව
එම ස්ථානය අසලින් යතුරු පැදි දෙකක සිවිල් ඇඳුමින් ගමන් ගත් පොලිස්
නිලධාරින් දෙදෙනෙකු ඔවුන් පරීක්ෂා කිරීමට ගොස් ඇති බවයි වාර්තාවන්නේ. එම
අවස්ථාව වනවිට අදාළ මෝටර් රථයේ අංක තහඩු වෙනස් කරමින් සිටි එක්
සැකකරුවෙකුගෙන් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කර තිබෙනවා.
ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමට යාමේදී අදාළ පුද්ගලයින් පස්දෙනා පොලිස් නිලධාරීන්ට පොලූවලින් පහරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පහරදීමෙන් එක් පොලිස් නිලධාරියෙකුගේ පාදයකට තුවාලද සිදුවී තිබෙනවා. එම අවස්ථාවේදී මෝටර් රථයේ තිබූ ගිනි අවි කිහිපයක්ද රැගෙන සැකකරුවන් පළාගොස් ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් සීදූව පොලිස් ස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිද්ධියට අදාළ එක් සැකකරුවෙකු ඊයේ රාත්‍රියේම අත්අඩංගුවට ගත් බවයි.

(Hiru News)
EmoticonEmoticon