මැතිවරණයක් පැවැත්වීමේ අරමුණ ගැන ඇතැමුන්ට අවබෝධයක් නෑ

3:05 PM
පාර්ලිමේන්තු මැතිවරණයක් පැවත්වීමේ සැබෑ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් වටහාගෙන නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය එක් පුද්ගලයෙකු පමණක් මූලික කර ගනිමින් පවත්වන්නක් නොවන බවයි.

නාත්තන්ඩිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර නිකවැර‍ටියේ පැවැති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් අගමැති අපේක්ෂකයා කවුදැයි ප්‍රශ්නයක පැටළී සිටින බවයි.


adaderana

Share this

Related Posts

Previous
Next Post »