ඩලස්ට මරණ තර්ජන කළැයි කී පුද්ගලයාට ඇප

3:07 PM
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට මරණ තර්ජන සිදු කළ බවට චෝදනා එල්ල වී තිබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇප මත මුදා හැර තිබේ.

නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනය වූ පසුගිය 13 වනදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී  වැලිගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා විසින් ඩලස් අලහප්පෙරුම මහතාට මරණිය තර්ජන එල්ල කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ඔහුට එරෙහිව සාපරාධි බියගැන්වීම්, බලහත්කාරය පෑම සහ මරණීය තර්ජන එල්ල කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබුණි.

අද අධිකරණය හමුවේ පෙනී සිටි වැලිගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ 02 ක ශරිර ඇප මත මුදාහැරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය  නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය. 

Share this

Related Posts

Previous
Next Post »