ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞශාල්ගේ දුස්රා පන්දුව නීති විරෝධී බවට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පවසනවා. එහෙත් ඔහුගේ සාමාන්‍ය පිට දඟ පන්දු යැවීමට බාධාවක් නොමැති බවයි ඔවුන් අද නිවේදනය කළේ.
තරිඳු කෞශාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට පසුගිය ඉන්දියානු ටෙස්ට් තරඟ සංචාරයේදී විනිසුරුවරුන් අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයට පැමිණිලි කළා. ඉන් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ඉන්දියාවේ දී පරීක්ෂණයකට ද භාජනය කරනු ලැබුවා. එහි ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරමිනුයි අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය මෙම තීරණය නිවේදනය කළේ.
EmoticonEmoticon