පාර්ලිමේන්තුවේ එකඟත්වය ලැබුණොත් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක
කිරීමට තමන් සුදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. එය
ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ යුතු නැති වුවද
තමන් ඒ ගැන පාර්ලිමේන්තුවේ අදහස විමසීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.ඒ අනූව පාර්ලිමේන්තුවේ එකඟත්වය ඒ සඳහා ලැබුණහොත් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉඩදෙන බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ(18) ගාල්ල නවනගර ශාලාවේදී පැවැති “මතින් තොර රටක්” උත්සවයට එක්වෙමින් කියා සිටියේ.
පසුගියදා බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර ඝාතනය කරන ලද සේයා සදෙව්මි දැරියගේ සිද්ධිය ගැන සිහිපත් කරමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා.
එම දැරියගේ ඛේදවාචකය හමුවේ කම්පනයට පත්වූ බොහෝ ජනතාව තමන්ගෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටි අයුරු දුටුබවද පැවසූ ජනාධිපතිවරයා තමන්ට එය ක්‍රියාත්මක කිරීමට බලය ඇතැයිද පෙන්වාදුන්ණා.
දැනට වැරදිකරුවෙකුට උසාවියෙන් මරණ දඬුවම නියම කළ පසු තමන්ට ඇත්තේ අත්සන ගැසීම පමණක් යැයිද කියා සිටි ඒ මහතා එසේ වුවද මානව හිමිකම් සංවිධාන මානුෂියත්වය ගැන සලකා මීට හරස්වන බවද කියා සිටියේය.
කෙසේ වෙතත් පසුගිය කාලයේ සිදුව ඇති ස්ත්‍රී දූෂණ, ළමා අපචාර දෙස බැලීමේදී මෙවැනි දඬුවමක අවශ්‍යතාවය පැන නැඟී ඇති බව පෙනෙන්නට ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ.
අද වන විට චීනය අමෙරිකාව වැනි රටවල පවා මරණ දඬුවම ක්‍රියාත්මක බවත්,
සංවර්ධිත බොහෝ රටවල් වෙඩි තැබීම, එල්ලුම්ගහ, විදුලි පුටුව හා එන්නත් කිරීම් මගින් මෙම දඬුවම ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
EmoticonEmoticon