රට දෙකඩ කරන්න කාටවත් ඉඩදෙන්නේ නෑ

12:19 PM
විරෝධාර රණවිරුවන්ගේ ලෙයින් එක්සේසත් කළ රට දෙකඩ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රණවිරුවන්ගේ අසීමිත කැපවීම, දැනුම, බුද්ධිය සහ අත්දැකිම් එදා රට වෙනුවෙන් ලබා නොදුන්නේ නම් දෙකඩ වූ රටක් උරුමවීමට ඉඩ තිබූ බවයි.

එබැවින් එම අසීමිත කැපවීම අවතක්සේරු කිරිමට වත්මන් රජය කිසිසේත් සූදානම් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අපි වෙනුවෙන් අපි රණවිරු නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ රණවිරුවන් වෙනුවෙන් ඉදිකළ නිවාස 100 ක යතුරු ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ ආරක්ෂක සේනා විද්‍යාලයීය ශ්‍රවණාරයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

Share this

Related Posts

Previous
Next Post »