සේයාගේ ඝාතන නඩුව මහාධිකරණයට

6:41 PM
කොටදෙණියාවේ බඩල්ගම සේයා දැරිය කෙලෙසා මරා දැමූ සැකකරුවන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කර ඔවුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. 

නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන මහතා පැවසූයේ දැරියගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන හෙයින් විස්තර ඉදිරිපත් කළ නොහැකි බවයි. එහෙත් පරීක්ෂණ ඉක්මනින් අවසන් කර නඩු ගොනු කරන බවද ඔහු පවසනු ලැබුවා.

සේයා දැරිය පදිංචි ගම අවට 500කගේ පමණ තොරතුරු පොලිසිය ලබාගත් බවද ඔහු පැවසුවා.

Share this

Related Posts

Previous
Next Post »