මහනුවර - ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා ලෙස හිටපු දියවඩන නිලමේ
ප්‍රදීප් නිලංග දෑල මහතා යළි තේරී පත්වී තිබෙනවා. ඒ මහනුවර බෞද්ධ මන්දිරයේ අද (08) පැවති නිලවරණයෙන් පසුවයි. මීට අදාළව ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා 301 දෙනෙකු සුදුසුකම් ලබා සිටි අතර හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඉන් ඡන්ද 205ක් හිමිකර ගෙන තිබුණා.
දියවඩන නිලමේ තනතුර සඳහා ඉදිරිපත්ව සිටි ඇම්බැක්ක කතරගම දේවාලයේ බස්නායක නිලමේ සුදන්ත සේනානායක මහතාගේ සහ චමිල කෝණාර මහතාගේ නම් නිලවරණයේදී කිසිවෙකුත් ස්ථිර නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ අපේක්ෂත්වය අහෝසි වී තිබෙනවා. එසේම ඊට ඉදිරිපත්වූ තරිඳු කෞෂල්‍ය දෑල මහතාද නිලවරණයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ඡන්දය ලැබීම සඳහා සුදුසුකම් ලැබුවේ හිටපු දියවඩන නිලමේවරුන් වන ප්‍රදීප් නිලංග දෑල, නෙරංජන් විජේරත්න සහ ගයාන් හීන්කෙන්ද යන මහත්වරුන් පමණි.


EmoticonEmoticon