ජනපති එජාප තීරණය අවලංගු කරයි

6:59 PM
ඉදිරි පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පවත්වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21දා) රාත්‍රියේදී ප්‍රකාශ කළ බැවින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය වලංගු නොවනු ඇතැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.  තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී අද (22දා) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් රජයේ සියලුදෙනා එක්ව ජනතාවට ලබාදුන් පොරොන්දුවක් මත ඡන්ද ක්‍රමය වෙනස් කළ බවයි.  ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහාය ද ලැබී තිබුණු පසුබිමෙක එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පැරණි ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පවත්වන බවට තීරණයක් ගෙන තිබුණද ජනාධිපතිවරයා කියූ කාරණය තමන් පිළිගන්නා බව ඔහු කීය.

Share this

Related Posts

Previous
Next Post »