ගෝඨාභය ඇතුළු 9ක් හෙටත් කැඳවයි

4:04 PM
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්, “බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම“ පැය 04කට ආසන්න කාලයක් සාක්ෂි ලබාගෙන තිබේ.

මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම වෙත අද පෙරවරු 9.30ට පමණ පැමිණ ඇති බව සඳහන්ය.

පස්වරු1.20 දක්වා ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මීට අදාළව තවදුරටත් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා යළි හෙට දිනයේ ජනාධිපති කොමිසම වෙත පැමිණෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව තවත් 09 දෙනෙකු අද දිනයේ බරපතළ වංචා විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබූ අතර ඔවුන්ටද හෙට දිනයේ යළිත් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

Share this

Related Posts

Previous
Next Post »