ජාතික ආණ්ඩුව යටතේ පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද (10)
දහවල් 12 ට පැවැත්වීමට නියමිත බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස
රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා ඊයේ ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගැනීමට
එක්වුණා. එමෙන්ම මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරුන්ද බැහැ දැකීමට ගිය
අමාත්‍යවරයා ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.
මේ
වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නියෝජිතයන් දස දෙනාගෙන් 06 දෙනෙකු නම්
කර අවසන්. නිල බලයෙන් අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා එම
සභාවට පත්වනවා. ඊට අමතරව ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන ජනාධිපතිවරයාගේ
නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක නම් කර ඇති අතර,
අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස නම් කර ඇත්තේ අමාත්‍ය විජේදාස රාජපක්ෂයි.
විපක්ෂ නායකවරයා පත් කරන නියෝජිතයා අද දිනයේදී නම් කරන බවයි විපක්ෂ නායක
ආර්.සම්බන්ධන් කියා සිටියේ. සුළු පක්ෂ නියෝජනය කරමින් පත් කර ඇත්තේ ජනතා
විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයායි.
EmoticonEmoticon