වසීම් අක්‍රම්ට වෙඩි

3:20 PM
පකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම වත්මන්හි ක්‍රියාකාරී දේශපාලනයේ නියැළෙන වසීම් අක්‍රම්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.
කරච්චි ‍නුවරදී මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී ඔහුගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාර එල්ලවී ඇති බවත්, එයින් ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් පකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

පකිස්ථානයේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති වේග පන්දුයවන්නන් පුහුණු කිරීමේ පුහුණු සැසිවාරයකට සහභාගිවී ආපසු එමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.තමා පිටුපසින් පැමිණි වාහනයක් තමාගේ මෝටර් රථය හැප්පූ බවත්, අනතුරුව තමාගේ මෝටර් රථයට වෙඩි තැබූ බවත් වසීම් අක්‍රම් මහතා එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
(www.adaderana.lk)


Share this

Related Posts

Previous
Next Post »