ෂාරුක්ගෙන් සංගාට පණිවිඩයක්

7:56 AM

ටෙස්ට් කි‍්‍රකට් පිටියට සමුදෙන සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ද සුබ පැතුම් එක්කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ සංගක්කාර අද දිනයේ නික්ම යාමත් සමග කඩුල්ල පසුපසත්, ඉදිරියේත් මින් ඉදිරියට පාළුවක් දැනෙනු ඇති බවයි.

ශාරුක් ඛාන්, කුමාර් සංගක්කාර හදුන්වා දී ඇත්තේ ‘‘ මගේ මිනිසා ’’ ලෙසයි. සංගක්කාර දැක් වූ දක්‍ෂතා ඉතා විශිෂ්ඨ බවද ෂාරුක් ඛාන් සිය ටිව්ටර් ගිණුමේ සටහන් කර තිබෙනවා. 

මේ අතර ඉන්දීය කී‍්‍රඩක සුරේෂ් රෙයිනාද සිය ට්විටර් ගිණුම හරහා කුමාර් සංගක්කාරට සුබ පැතුම් එක් කළා. මහත්මා ගුණය සපිරි සංගක්කාර කි‍්‍රකට් පිටියේ තැබූ විශිෂ්ඨ මතකයන්වලට රෙයිනා ස්තුතිය පළ කර තිබෙනවා.

Share this

Related Posts

Previous
Next Post »