සන්ධානයෙන් ජයගත් සාමාජිකයින්ට ජනපතිගෙන් කැඳවීමක්

8:04 PM
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වු මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කොළඹ දී දැන් පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වු ටී.බී ඒකනායක මහතා සඳහන් කළේ පක්‍ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි.

ජාතික ආණ්ඩුව පිහිටුවීම සහ ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම වැනි කරුණු පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

Share this

Related Posts

Previous
Next Post »