අනුරාධපුරය - මිහින්තලය - රඹෑව නගරයේදී අද (01) පස්වරුවේ ප්‍රධාන පොලිස්
පරීක්ෂකවරයකෙු පැදවූ වෑන් රථයකට යටවීමෙන් දේශපාලන පක්ෂ ආධාරකරුවෙකු
ජීිවිතක්ෂයට පත්වුණා. මෙලෙස මියගියේ අමාත්‍ය දුමින්ද දිසානායකගේ මැතිවරණ
ව්‍යාපාරයට අදාළ අත්පත්‍රිකා බෙදමින් සිටි රඹෑව ප්‍රදේශයේම පදිංචිව සිටි
22 හැවිරිදි දුමින්ද කුමාර නැමති තරුණයෙක්. තරුණයා සමග අත්පත්‍රිකා
බෙදමින් සිටි තවත් කාන්තාවක් ඇතුලූ සිව්දෙනෙක් ද අනතුරෙන් තුවාල ලබා
අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කළා.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය පදවා ඇත්තේ අනුරාධපුර කොට්ඨාශ දූෂණ වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයායි. ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් නියෝග කර තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය පදවා ඇත්තේ අනුරාධපුර කොට්ඨාශ දූෂණ වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයායි. ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් නියෝග කර තිබෙනවා.
අනතුර සිදු කිරීමෙන් පසුව OIC එම වාහන නොනවත්වා පදවාගෙන ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය පැදවූ
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පස්වරුවේ මිහින්තලේ පොලීසියට භාරවුණා. තුවාල
ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල
බවයි අනුරාධපුර රෝහලේ අධ්‍යක්‍ෂවරයා පැවසුවේ.
අනතුරක් සිදු වීමෙන් පසු පොලිස් නිලධරයකු වාහානයක් නොනවත්වා ගමන් කිරීම බරපතල සිද්ධියක් බව පොලිසියේ උසස් නිලධාරියක් පැවසුවා.
EmoticonEmoticon