අමාත්‍ය මංගල සමරවීර සහ බිස්වාල් මහත්මිය අතර පැවති ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.
එහිදී බිස්වාල් මහත්මිය සඳහන් කළේ යහපාලනය තුළින් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනට අමෙරිකාවේ පූර්ණ සහය හිමි වන බවයි.
එමෙන්ම ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසා සිටියා.
සාම්පූර්හි නැවත පදිංචි කිරීම හා එම පවුල්වල සාමාජිකයින්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම සඳහා ඩොලර් මිලියනයක ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ද බිස්වාල් මහත්මිය මෙහිදී සඳහන් කළා.
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී සඳහන් කළේ බිස්වාල් මහත්මියගේ මෙම සංචාරය හරහා අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් වු බවයි.
නිශා බිස්වාල් මහත්මිය අද අලුයම දිවයිනට පැමිණියා. දිවයිනේ රැඳී සිටින කාලය තුළ බිස්වාල් මහත්මිය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට නියමිතය.

EmoticonEmoticon