ජනපති අලුත් සැලසුම් හෙලිකරයි

7:51 PM
නව රජයක් ලෙස නව සැලසුම් ඔස්සේ රට ඉදිරියට ගෙන යාම තම අපේක්‍ෂාව බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ මහතා කියා සිටියේ ප‍්‍රාදේශිය සංවර්ධන කමිටු සඳහා බලතල පවරමින් පළාතේ සංවර්ධනය එම පළාතේ මහජන නියෝජිතයින් ලවාම සිදුකර ගැනිමට ජනතාවට අවස්ථාව සලසා දෙන බවයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ අද(22) පෙරවරුවේ ජනාධිපතිවරයා හදිසියේ කින්නියා ප‍්‍රදේශයට ගොස් එහි ජනතාව මුණ ගැසුණු අවස්ථාවේදියි.

එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ නව රජයක් ලෙස කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා නව වැඩපිළිවෙලක් අරඹන බවයි.

නව තාක්‍ෂණය සහ සැලසුම් ඔස්සේ ධීවර කර්මාන්තය ද නගා සිටුවන බව ජනාධිපතිවරයා එහිදී පැවසුවා.

මේ අතර එක් ධූර කාලයක් නොව ධූර කාල දෙකම ජනපති වී රටේ සියලූ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට කැපවන්නැයි කින්නියා ප‍්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළා.

තමන් අපේක්‍ෂා කළ සංවර්ධනය තවමත් තම පළාත්වලට ලැබි නොමැති බව පැවසු ජනතාව තමන් මුහුණ දී ඇති ගැටළු රැසක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

Share this

Related Posts

Previous
Next Post »