පෞද්ගලික ජෙට් යානයක් එංගලන්තයේ
හැම්ප්ෂෙයර් ප්රාන්තයේ මෝටර් රථ වෙන්දේසි භූමියකට කඩා වැටී තිබෙනවා. ඉතාලියේ
සිට පැමිණි සෞදි අරාබියේ ලියාපදිංචි මෙම යානයේ සිටි 4 දෙනෙකු මියගොස් ඇත.
එම කඩා වැටුණු
පෞද්ගලික ජෙට් යානයේ අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඞ්න්ගේ පවුලේ සාමාජිකයින්
සිටි බව දැන් හෙළිදරව් වී තිබෙනවා. එහි
ගමන් ගත් නියමුවා හැර අනෙක් මගීන් තුන්දෙනා ඔසාමා බින්ලාඞ්න්ගේ පවුලේ
සාමාජිකයින් බව සෞදි අරාබිය තහවුරු කර ඇත.
ඊයේ (31) සිදුවූ මෙම අනතුරින් මෝටර් රථ රැසක් ගිනි ගෙන විනාශ වී ඇති අතර, ගොඩබිම සිටි කිසිවෙකුට හානියක්
සිදුව නැහැ.
බ්රසීලයේ නිෂ්පාදිත ෆෙනම් 300 වර්ගයේ මෙම ජෙට් යානයේ
පුද්ගලයන් 8 දෙනෙකුට ගමන් කළ හැකි අතර, අඩි 45,000ක් ඉහළින් පියාසර කළ
හැකියි.
EmoticonEmoticon