මෙවර තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කටයුතු අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව අද දින අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධ නිලධාරින්ට සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට තැපැල් ඡන්ද භාවිතා කිරිම සඳහා අවස්ථාව හිමි වනු ඇත.
මීට අමතරව ලබන 05 සහ 06 යන දින දෙක සෙසු රාජ්‍ය නිලධාරින් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරිමට අවස්ථාව සලසා දී තිබේ.
මේ අතර තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කටයුතු නිරික්ෂණය කිරිම සදහා විශේෂ නිළධාරි කණ්ඩායමක් යෙදවීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලය පියවර ගෙන ඇති බව සඳහන්ය.
EmoticonEmoticon