ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අභයගිරි සෑරදුන් වන්දනාමාන කිරීමට යන අවස්ථාවක් දැක්වෙන බිතු සිතුවමක් අභයගිරි විහාරයේ සිත්තම් කොට තිබෙනවා.
ප්රතිසංස්කරණය කරන ලද අභයගිරි සෑරදුන් ජනපති සහ අගමැති ප්රමුඛ බැතිමතුන් විසින් පළමුවරට වැඳපුදා ගනීමට ගමන් ගන්නා අයුරු එම සිත්තමෙන් පිළිබිඹු වන බවයි වාර්තා වන්නේ. මෙම සිතුවමෙහි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ද සිතුවම්කොට තිබෙනවා.
1997 වසරේ ප්රතිසංස්කරණය ඇරඹි අභයගිරිය සෑරදුන්ට ප්රතිසංස්කරණයෙන් පසු පළමු පූජාව ඇසළ පුන් පොහෝදා (31) ජනපති අතින් සිදුකෙරිණි.
EmoticonEmoticon