බිරින්දෑවරු, පෙම්වතියන් නොමැතිව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට

10:28 AM
ටෙස්ට් තරඟ 3 කින් සමන්විත තරඟාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණීමට නියමිතයි. මෙවර ශ්‍රී ලංකා සංචාරය සදහා පැමිණෙන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට එරට ක්‍රිකට් බලධාරීන් විසින් නීතියක් ද පනවා තිබෙනවා. ඒ මෙම ටෙස්ට් තරඟාවලිය සඳහා ක්‍රීඩාකරන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩයකින් කිසිවෙකුටවත් ඔවුන්ගේ බිරිඳ හෝ පෙම්වතිය රැගෙන පැමිණීම තහනම් කිරීමයි. ඒ අනුව මෙවර ශ්‍රී ලංකා සංචාරයට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පැමිණෙන්නේ තනිවමයි. ඊට හේතුව ලෙස ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පෙන්වා දී ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරගාවලියෙන් අනතුරුව මාසයකට ආසන්න කාලයක් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් තම පෞද්ගලික ජීවිතය සදහා ඉඩකඩ වෙන් කර ගෙන තිබීමයි. මේ නිසා නැවතත් ක්‍රිකට් වෙනුවෙන් කාලය වෙන්කිරීමට ඔවුන් පුහුණු විය යුතු බවයි. 

ටෙස්ට් තරඟ 3 කින් සමන්විත තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ලබන අගෝස්තු 12 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනු ඇති. අද දිවයිනට පැමිණීමට ප්‍රථම ඉන්දියාවේදි පැවති මාධ්‍යහමුවකදී ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි පවසා ඇත්තේ ශ්‍රී ලංකා සංචාරයේදී සිය කණ්ඩායම පන්දු යවන්නන්ගෙන් ජයග්‍රහණයට වැඩි දායකත්වයක් බලාපොරොත්තු වන බවයි. 

(HiruNews)

Share this

Related Posts

Previous
Next Post »