රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු ඊයේ පස්වරු 06.35 ට පමණ වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි.
බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇත.
මියගිය පුද්ගලයා 28 හැවිරිදි රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
EmoticonEmoticon